Friday, January 25, 2013

බුදු රජාණන් වහණ්සේගේ නව අරහාදී බුදු ගුන

බුදු රජාණන් වහණ්සේගේ  ඇස කණ නාසය දිව කය මනස සියල්ලෙන්ම ඇලෙන්නෙ ගැටෙන්නෙ මුලාවෙන්නෙ නැතිව සියල්ලෙන්ම නිදහස්වූ රහතන් වහන්සේ නමක් නිසා අරහං වන සේක.
   ගුරැ උපදේශ නැතිව තනිවම ධර්මය අවබෝධ කල නිසා සම්මා සම්බුද්ධ වන සේක.
අවිද්‍යාව දුරැකොට සියලුම ඤානයන් උපදවා ගත් නිසා විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දරවූ නිවන් මග අවබෝධ කල නිසා සුගත වන සේක.
  කාම රෑප අරෑප යන තුන් ලෝකයම අවබෝධ කල නිසා ලෝකවිදූ වන සේක.
ඕනෑම තරාතිරමක දෙවි මිනිසුන් දමනය කල නිසා පුරිසදම්මසාරථී වන සේක.
   දෙවියන්ගේත් මිනිසුන්ගේත් සාස්තෲ වන නිසා සත්ථා දේවමනුස්සානං වන සේක.
උන් වහන්සේ අවබෝධ කල ධර්මය අඩුවක් නැතිව බෙදා දුන් නිසා බුද්ධ වන සේක.
  සියල්ලන්ගේම වැඳුම් පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වන නිසා භගවා වන සේක.
       
          සාදු  සාදු  සාදු....

                  ධර්මයේ ගුණ සය ආකාරවේ.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය මුල මැද අග පිරිසිදුව මනා කොට දේශනා කළ නිසා ස්වාක්ඛාත වන්නේය.
මේ ඡීවිතයේදී අවබෝධ කල හැකි නිසා සන්දිට්ඨික‎  වන්නේය.
ඕනෑම කාලයක අවබෝධ කල හැකි නිසා අකාලික වන්නේය.
ඇවිත් බලන්න යයි කිව හැකි නිසා ඒහි පස්සික වන්නේය.
තමා තුලට පමුනුවා ගෙන බැලිය යුතු නිසා ඕපනයික වන්නේය.
තම තමන්ගේ ඥාණයේ ප්‍රමානයට අවබෝධ කල හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක.
   සාදු  සාදු  සාදු......

            සඟ ගුණ

  සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.  භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාවූ ප්‍රතිපදාවට පිලිපන් අයයි.
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජු ප්‍රතිපදාවෙන් යුක්තයි.
ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අවබෝධයට නැඹුරුවූ ප්‍රතිපදාවෙන් යුක්තයි.
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා චතුරාර්‍ය සත්‍ය අවබෝධයට උපකාරී දේ පමනක් කථා බස් කිරීමෙන් යුක්තයි.
යදිදං චත්තාරි පුරිස යුගානි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යුගල වශයෙන් හතරයි.එනම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත්වේ.
අට්ඨපුරිස පුග්ගලා.භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පුද්ගලයන් වශයෙන් අටයි.
ආහුනෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දුර ගොස් හෝ දන් දීමට සුදුසුය.
පාහුණෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආගන්තුක දානයකට සුදුසුය.
දක්කිනෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පින් රැස් කර ගැණීමට දානය දීමට සුදුසුය.
අංජලිකරනෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වන්දනා මාන කරන්න සුදුසුය.
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ලොවට උතුම් පින් කෙත වන්නේය.....
සාදු  සාදු  සාදු....

වැඩිදුරට කියවන්න
ගෞතම සසුනේ පිහිට ලබන්නට
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා.

  ධර්මය අසන්න ඇසූ ධර්මය දරා ගන්න...
    සාදු සාදු සාදු.......................